දකුණු පළාතේ 09 ශ්‍රේණියේ දෙවන වාර විභාග ප්‍රශ්න පත්‍රයක් කල් යයි – අලුත් දිනය මෙන්න

Jul 22, 2026
දකුණු පළාතේ 09 ශ්‍රේණියේ දෙවන වාර විභාග ප්‍රශ්න පත්‍රයක් කල් යයි – අලුත් දිනය මෙන්න

දකුණු පළාතේ පාසල්වල පැවැත්වෙන දෙවන වාර විභාගයට අදාළව වැදගත් නිවේදනයක් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබේ.

​එම නිවේදනයට අනුව, අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ 09 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්න පත්‍ර ලබා නොදීමට තීරණය කර ඇත.

​කල් දැමීමට හේතුව:

​ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීමේදී ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන්, මේ වන තෙක් අදාළ ප්‍රශ්න පත්‍ර කොට්ඨාස කාර්යාල වෙත යොමු කිරීමට නොහැකි වීම මෙසේ ප්‍රශ්න පත්‍රය ලබා නොදීමට ප්‍රධාන හේතුව වී තිබේ.

​විභාගය නැවත පැවැත්වෙන දිනය:

​අද දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම විෂයයන් දෙකට අදාළ පරීක්ෂණය ජූලි මස 24 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.

​මෙම වෙනස්වීම සම්බන්ධයෙන් පළාතේ සියලුම කලාපීය විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ

Teachify.lk - Your Ultimate Fashion Destination

All categories
Flash Sale
Todays Deal